කෝටියක මුදලක් මංකොල්ල කෑ පුද්ගලයින්ට වැඩ වරදී

බුලත්සිංහලදී කෝටියකට අධික මුදලක් මංකොල්ල කෑ සැකකරුවන් 05 ක් අත්අඩංගුවට

by Staff writer 06-08-2018 | 4:35 PM

COLOMBO (News 1st) - බුලත්සිංහල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදල් මංකොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොල්ලකන ලද මුදල්වලින් රුපියල් එක්කෝටි හැටපන්ලක්ෂයකට අධික මුදලක් ද සොයා ගෙන ඇති බවයි. සැකකරුවන් කොළඹගේආර, සෙවනගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළේ ය. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කොල්ලකන ලද මුදල්වලින් කොටසක් රන් ආභරණ මිලදී ගැනීම සඳහා වියදම් කර තිබූ අතර සන්තකයේ තිබූ රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂ අනූඑක්දහස් අටසියයක් සොයා ගැනුණි. ඉකුත් 28 වන දා පස්වරුවේ බුලත්සිංහල ප‍්‍රදේශයේදී වෑන් රථයේ පිරිස වෙළෙඳසැලකින් ආහාර ගනිමින් සිටි අතරතුර එම ස්ථානයට පැමිණි කොල්ලකරුවන් ඔවුන්ට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කර මුදල් රැගෙන ගොස් තිබුණි.