පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල

පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල

by Staff writer 06-08-2018 | 7:06 PM

COLOMBO (News 1st) - UPdate - උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබුවන් කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. කුරුණෑගල රෝහලට 7 දෙනෙකු, පොල්ගහවෙල රෝහලට 10 දෙනෙකු, කෑගල්ල රෝහලේ පුද්ගලයින් 3 දෙනෙකු සහ රඹුක්කන රෝහලේ පුද්ගලයින් 12 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇති. මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

--------------------------------------------------------------------------------------------------------------------

 උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් තුවාල ලැබුවන් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට තුවාල ලැබුවන් 15 අධික පිරිසක් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබුවන් කිහිප දෙනෙකු කුරුණෑගල රෝහලට මාරු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඊට පිටුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනය බලවේග කට්ටලයක් ගැටී ඇති බවයි. මහනුවර බලා ධාවනය වූ දුම්රිය සංඥා නොමැතිව නතර කර ඇති අවස්ථාවේ පිටුපසින් පැමිණි දුම්රිය මෙලෙස ගැටී ඇත.