දික්ඕවිටින් මුහුදු ගිය 'ලිහිණි - 3' නැවක ගැටෙයි

දික්ඕවිටින් මුහුදු ගිය 'ලිහිණි - 3' නැවක ගැටෙයි

by Staff writer 06-08-2018 | 10:56 AM
COLOMBO (News 1st) : මෙරටට අයත් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි - 3 නමැති ධීවර යාත්‍රාවයි. යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි ධීවරයින් 6 දෙනෙකු සිට ඇත. යාත්‍රාව නෞකාවේ ගැටීමෙන් පසු ධීවරයින් ති දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි, ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය.