ජාතික තිරසර කතිකාව එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 06-08-2018 | 11:25 AM
COLOMBO (News 1st) : වර්ෂ 2030 දක්වා රජයේ ඉදිරි දැක්ම එළිදැක්වීමේ ජාතික තිරසර කතිකාව එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වීමට නියමිතයි. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජාතික විද්වද් කමිටුව විසින් සකස් කළ ජාතික තිරසර කතිකාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට සූදානම් කර තිබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහන යටතේයි. ශ්‍රී ලංකාවේ මතවාද හා හැකියාවන් පිළිඹිබු කරමින් ඉදිරි වසර 12 තුළ රටේ දිගුකාලීන ආර්ථික, සමාජයීය හා පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණකි. තරුණ ප්‍රජාව , විද්වතුන් සහ වෘත්තිකයින් මෙහි ඉලක්කගත ප්‍රධාන පාර්ශවයන් ය.