'ජාතික තිරසර කතිකාව' කෙටුම්පත එළිදැක්වෙයි

'ජාතික තිරසර කතිකාව' උදෙසා සකස් කළ කෙටුම්පත එළිදැක්වෙයි

by Staff writer 06-08-2018 | 8:24 PM

COLOMBO (News 1st) - වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැකසෙන ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ කෙටුම්පත අද එළිදැක්විය.

අද පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයේදී විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත ජනාධිපතිතුමාට භාර කෙරුණි. 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි මෙරට තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා 2017 වසරේ ජනවාරි 02 වන දා ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබිණි. සාමාජිකයින් 41 දෙනෙකුගෙන් සමන්විත වූ කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත අද ජනාධිපතිතුමාට භාර කළේ, 2030 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීම සඳහා වන දැක්ම හෙවත් ජාතික තිරසර කතිකාව සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය ලබාගැනීම සඳහා ය. ජාතික තිරසර කතිකාව සඳහා වන වෙබ් අඩවිය, ඇප් එක මෙන් ම ගීතය ද අද ජනාධිපතිතුමා විසින් එළිදැක්විණි.