English
தமிழ்
කර්තෘ Staff writer
06 Aug, 2018 | 10:05 pm
මෙම ණය මුදල නිකුත් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන අමාත්‍යංශයට ලබා දෙන ලෙස මහජන බැංකුවට පසුගිය සතියේ දැනුම් දුන් බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
රවීන්ද්‍ර හේවාවිතරණ මෙම ණය මුදල නිකුත් කළේ, කුමන ක්‍රමවේදයක් මත ද එහිදී බැංකුවට ලැබුණු ඇපකරණය කුමක්ද යන කරුණු පිළිබඳව මෙම විමර්ශනයේදී පුළුල් ලෙස කරුණු සොයා බලන බවයි.
මේ අතර ලංකා බැංකු සේවක සංගමය මෙම ගනුදෙනුව පිළිබඳව කළ විමසීමට අදාළව මහජන බැංකුව ලබාදුන් පිළිතුර පිළිබඳව සෑහීමකට පත්නොවන බව පවසා ඇත.
ලංකා බැංකු සේවක සංගමයේ උපලේකම්, කේසර කෝට්ටේගොඩ,
මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි බැංකුවෙන් තොරතුරු ඉල්ලා සිටියා. අපිට තොරතුරු ලැබීමේදී සාමාන්‍ය මාධ්‍යයට නිකුත් කරපු ප්‍රකාශයක්ම තමා බැංකුව විසින් එවලා තියෙන්නේ. අපිට මේ තියෙන තොරතුරුමද ඒ නිසා අපි තව දුරටත් මේ පිළිබඳව කරුණු අවශ්‍ය තොරතුරු විමසන්න කටයුතු කරලා තියෙනවා. එත් සමගම අපිට වාර්තා වනවා. මෙම ගනුදෙනුව සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කමිටුවක් පත් කරලා තොරතුරු සොයා බැලිමක් කරනවා කියලා. මේ තොරතුරු සොයා බැලිම සම්බන්ධව අපිත් අමාත්‍යංශයෙන් ලිඛිතව කරුනු විමසන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුව නිසි පරීක්ෂණයක් කරලා. සත්‍ය තොරතුරු සොයාගෙන ජනතාවට සත්‍ය තොරතුරු හෙළි කරයි කියන විශ්වාසය සංගමයක් විදිහට අපි දරනවා.
එක්සත් ජාතික පක්ෂයේ පා.ම, එස්. එම්. මරික්කාර්,
මේ ආණ්ඩුව ගෙන්න මහන්සි වුනේ. ඔය පුටුවල ටයි කොට් දාගෙන වාඩිවෙලා ඉන්න අය නෙවෙයි. ගුට් කැවේ වෙඩි කැවේ බැට කැවේ මේ හයිජැක් කරගෙන ආපු අධ්‍යක්ෂවරුන්ට ආ දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා අපිට හොරකම් කරන්න කියන ඒ අවස්ථාව දෙන්න නෙවෙයි. හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ ආණ්ඩුවක් විදිහට එහෙම අය ඉන්න පුළුවන් එහෙම අය ඉන්නවා නම් ඒ අයට දඬුවම් දෙන්න කියලා අපි කෑ ගහනවා.
මෙවැනි මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳව පසුගිය සමයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොමපණ සංඛ්‍යාවක් පරීක්ෂණ සිදු කළා ද?
ඒවායේ ලිපි ගොනු රැසක්ම විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබුනේ නඩු පැවරීම සඳහායි.
එහෙත් මේ වනවිට පරීක්ෂණ අවසන්කළ බරපතළ වංචා දූෂණ ගැන නඩු කීයක් නම් නීතිපති දෙපාර්තමේන්තුව පවරා ඇත් ද?
මහජන මුදල් සොරකම්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?
26 Jun, 2019 | 07:07 PM
23 Oct, 2018 | 10:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS