කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

කර්තෘ Staff writer

06 Aug, 2018 | 10:34 am

News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ඊයේ නිවේදනය කළේ ය.

ඒ අනුව එහි පෙරමුණ හිමිකර ගැනීමට ඉන්දීය නායක සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබීම විශේෂත්වයකි.

ඔහු ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ඊට හේතු වී ඇත්තේ එංගලන්තය සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දක්ෂතායි.

එම තරගයේදී විරාත් කෝලි එංගලන්තයට එරෙහි පළමු ඉනිමේ දී ලකුණු 149 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 51ක් රැස් කළේ ය.

මේ වන විට විරාත් කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 934 කි.

මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවුයේ තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් ය.

විරාත් කෝලි වාර්තා අතරට එක්වන්නේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගත් ඉතිහාසයේ 7 වන ඉන්දීය පිතිකරුවා ලෙසයි.

මීට පෙර අවසන් වරට හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එහි පෙරමුණ හිමිකර ගත්තේ ය.