5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

5 ශිෂ්‍යත්ව කඩයිම ජය ගැනීමට ලක්ෂ 3කට අධික සිසුන් පිරිසක් අද විභාගයට

by Staff writer 05-08-2018 | 7:54 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 355,326 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ය. අද පෙරවරු 9 වන විට සියලුම විභාග අපෙක්ෂකයන් විභාග මධ්‍යස්ථානවලට වාර්තා කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද හෙට ආරම්භ වේ. විභාගය සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්විමට නියමිත ය. ඒ, සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යව 321,469 කි.