සෝමාවතියේ මස් ජාවාරමක්

සෝමාවතියේ වන සතුන් මසට අලෙවි කිරීමේ ජාවාරමක්

by Staff writer 05-08-2018 | 5:18 PM
COLOMBO (News 1st) : සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිඳී ගොස් ඇති වැව්වල ජලය සොයා පැමිණෙන වන සතුන් මරා මස් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමන බවට අනාවරණය වී ඇති බවයි. වනජීවි නිලධාරීන් කරන වැටලීමේදී මරා දමන ලද සතුන්ගේ ශරීර කොටස් රැසක් සොයා ගැනීමට හැකිවී තිබේ. ඒ අතරට මුවන් ගෝනුන් හා කිඹුළෙකු ද සිට බව වනජිවි නිලධාරීහු සඳහන් කළහ. වියළි කාලගුණයත් සමග ජලය සොයා පැමිණෙන ලොකු කුඩා වන සතුන් මෙම ජලය පානය කිරීමෙන් මියගොස් තිබේ. වනජීවි නිලධාරීන් අද අලුයම කළ වැටලීමකදී මුව මස් තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් සතුන් මරා කඳුරුවෙළ,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ,ආදි ප්‍රදේශවල හෝටල් හා අවන් හල් වෙත සපයන බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, වනජීවි නිලධාරීන් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2071621609564753/