මොනරාගල රිය අනතුරකින් තිදෙනෙකු මරුට

මොනරාගල රිය අනතුරකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු මරුට

by Staff writer 05-08-2018 | 7:16 AM

COLOMBO (News 1st) - මොනරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන මංසන්ධිය අසළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.45 ට පමණ වැල්ලවාය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන් කළ බස් රථයක් ඉස්සර කිරීමේදී යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී ඇති බව ය. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියැදුරු හා පිටුපස ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු තුන්දෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙක් හා 19 හැවිරිදි තරුණියක් හා 22 හැවිරිදි තරුණයෙකි. ඔවුන් ඇතිමලේ, නුගලන්ද පදිංචිකරුවන් පිරිසකි. එම අනතුරින් බරපතල තුවාල ලැබු 49 හැවිරිදි කාන්තාවක් මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.