මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට

by Staff writer 05-08-2018 | 2:14 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, යටියන මංසන්ධියේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බව ය. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මිනුවන්ගොඩ, ගමන්ගෙදර පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බව ය.