නි. පොලිස්පතිවරු 6 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 05-08-2018 | 11:40 AM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කළේ, නියෝජ්‍ය පොලිස්පති එල්.එච්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මහතා අපරාධ කොට්ඨාශයේ සිට අපරාධ, නීති සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාශයට මාරු කර ඇති බව ය. නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා පුහුණු, බඳවා ගැනීම් සහ ජාත්‍යන්තර සබඳතා කොට්ඨාශයේ සිට පුහුණු, බඳවා ගැනීම්, මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා කොට්ඨාශයට මාරු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා බස්නාහිර උතුර දිසාවේ සිට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවට මාරු කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්.ඩී.තෙන්නකොන් මහතා වව්නියාව දිසාවේ සිට බස්නාහිර උතුර දිසාවට මාරු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති එස්. අනුර අබේවික්‍රම මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට වව්නියාව කොට්ඨාශයට මාරු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.පී.ජී. පෙරේරා මහතා දුක්ගැනවිලි කොට්ඨාශයේ සිට ක්ෂේත්‍ර බලකා මුලසථානයට මාරු කර යවා තිබේ. මේ අතර පොලිස් අධිකාරීවරුන් තුන්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තුන්දෙනෙකුට සහ පොලිස් පරික්ෂකවරුන් 5 දෙනෙකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. මෙම ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සිදුකර තිබේ.