ජීව අත්බෝම්බයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 05-08-2018 | 4:32 PM
COLOMBO (News 1st) : විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවන් දෙදෙනකු වීරකැටිය, යක්ගස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සොරකම් කරන ලද ගවයින් රැගත් ලොරි රථයක් ගමන් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී මෙම අත්බෝම්බය සොයා ගත් බවයි. පොලීසිය ලොරි රථය නතර කරන ලෙස සංඥා කිරීමේදී එය අසල වෙළෙඳසලක ගැටී ඇති නැවතී ඇති අතර එහිදී සැකකරුවන් පලා ගොස් තිබිණ. අනතුරුව ලොරි රථය පරීක්ෂා කිරීමේදී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බය සොයාගෙන තිබේ. පසුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් වීරකැටිය පදිංචිකරුවන් ය.