ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්,ලංකාවට බලපෑමක් නැහැ

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක් : ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නැහැ

by Staff writer 05-08-2018 | 6:55 PM
News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් වන බාලි වෙත ද දැනී ඇති බවයි . කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි. මීට සතියකට පෙර ඉන්දුනීසියාවේ හටගත් භූ චලනයකින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.