සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 Aug, 2018 | 4:01 pm

COLOMBO (News 1st) : බිබිල ප්‍රදේශයේ පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාසල් ගුරුවරයා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුවයි.

එලෙස අපයෝජනයට ලක්ව ඇති දැරිය මේ වනවිට 18 වැනි වියේ පසුවන  අතර අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා  35 වැනි වියේ පසුවන්නෙකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]