වාද්දුව හෝටලයක සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙකු මරුට

වාද්දුව හෝටලයක සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙකු මරුට

වාද්දුව හෝටලයක සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

05 Aug, 2018 | 10:38 am

COLOMBO (News 1st) – වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගාතුර වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මිතුරන් පිරිසක් සමග ඊයේ රාත්‍රියේ සාදයකට ගිය අවස්ථාවේ ඉන් සිව් දෙනෙකු රෝගාතුර වී ඇති බව ය.

අනතුරුව ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී 20 හැවිරිදි සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අනෙක් දෙදෙනා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.