home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Chathuranga Rajapaksha
05-08-2018 | 6:58 AM
COLOMBO (News 1st)
දේශීය පුවත්
1 -
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ජනපති:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව රෝහල් මංසන්දියේ ඉදි කළ නව වෙළඳ සංකිර්ණය විවෘත කරමිනි. 2 -
රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි:
රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට සමත් වූ බව ය. 3 -
ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා වෙයි:
ශල්‍යාගාරවල පවතින ගැටලු හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ. හෘද රෝග අංශයේ වෛද්‍යවරයෙකු පැවසුවේ, දැනට රෝහල සතුව ඇති ශල්‍යාගාර 05න් 2ක ගැටලු පවතින බව ය. 4 -
රන් මාලයක් කැඩූ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි:
රන් මාලයක් කඩා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එලෙස මිය ගොස් ඇති බව ය. 5 -
තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා:
තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඊයේ සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ සිට 7 වන දා දක්වා කොළඹ පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක ද ගමනාන්ත දීර්ඝ කර ඇති බව ය.
විදෙස් පුවත්
1 -
අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ටත් අනතුරු ඇඟවීම්:
අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවට උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ. උතුරු කොරියාව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අධික උෂ්ණත්වය සමගින් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වීමේ තර්ජනයක් පවතින බැවින් භෝග ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ය.
ක්‍රීඩා පුවත්
1 -
යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්:
කොළඹ දී සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. නව තරගාවලි වාර්තාවක් පිහිට වූ ඇය ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු 4 යි තත්පර 17 යි දශම 5 යි 2 කි. 2 -
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට:
ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. 3 -
මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස්:
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර හෂීම් අම්ලා සහ ඇන්ජලෝ මැතිව්ස් මෙරට තණතිලි පිළිබඳ පරස්පර අදහස් පල කර තිබේ. දෙරට අතර තුන්වැනි තරගය අද මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.
වෙනත් ලිපි
පාසල් ළමුන් රැගත් බස් රථයක් පෙරළෙයි..
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්..
ශිෂ්‍යත්ව විභාගයේ නැ.සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ.
ගම්පහ බබා දුන් තොරතුරකට T56 උණ්ඩ 50ක් සොයාගැනේ
කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්...
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි.
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය