වෛද්‍ය වැඩ වර්ජනය අද අවසන්

වෛද්‍ය වැඩ වර්ජනය අද අවසන්

by Staff writer 04-08-2018 | 6:36 AM
COLOMBO (News 1st) - රජයේ වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයෙන් රෝගීහු දැඩි පීඩාවට පත් වූහ. ඊයේ උදෑසන 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක වර්ජනයක් ආරම්භ කළේ, සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට නියමිත බව ය.