යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්

යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්

by Staff writer 04-08-2018 | 4:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ, කොළඹ දී සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ය. නව තරගාවලි වාර්තාවක් පිහිට වු යූ.කේ.එන්. රත්නායක ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු 4 යි තත්පර 17 යි දශම 5 යි 2 කි. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්.එම්.සී. ඩිල්රුක්ෂි හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩබ්ලිව්.පී.ඊ.ආර්. දුලක්ෂිට තුන්වැනි ස්ථානය හිමි වූවාය.