යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ

by Staff writer 04-08-2018 | 8:51 AM
COLOMBO (News 1st) - යල කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ කෙරේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මස අග දක්වා අස්වනු මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ය. මෙවර නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38කට හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක මිලකට මිලදී ගැනීමට පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි. උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, කිසිදු ලේඛනයක් සහතික කිරීමකින් තොරව වී ගබඩාවලට ගොස් වී අලෙවි කිරීමේ අවස්ථාව ගොවියාට ලබා දී ඇති බව ය. මෙවර වී මෙට්‍රික් ටොන් 120,000ක මිලදී ගැනීමේ ඉලක්කයක් කරා යාමට කටයුතු කරන බව ද උපාලි මොහොට්ටි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ සඳහා රජය රුපියල් මිලියන 4900කට අධික මුදලක් වෙන් කර තිබේ.