'මාලනී රංග න්‍යාය' ලබන 8 එළිදැක්වේ

'මාලනී රංග න්‍යාය' ලබන 8 එළිදැක්වේ

by Staff writer 04-08-2018 | 11:32 AM
COLOMBO (News 1st) - සම්මානනීය නිළි මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මාලනී රංග න්‍යාය නම් පර්යේෂණාත්මක ග්‍රන්ථය ලබන 08 වන දා එළිදැක්වේ. ඒ, පෙරවරු 10.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන උත්සවයකදී ය. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.