මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ජනපති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ජනපති

by Chathuranga Rajapaksha 04-08-2018 | 7:50 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ 'පිබිදෙමු පොලොන්නරුව' ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව රෝහල් මංසන්දියේ ඉදි කළ නව වෙළඳ සංකිර්ණය විවෘත කරමිනි. ‍ මෙම අවස්ථාවේ කළයුතු වන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිතුමා එහි දී වැඩි දුරට ත් සඳහන් කළේය.