ශාන්ත ආනා දෙව්මැදුරේ මංගල්‍ය වෙනුවෙන් දුම්රිය සේවා

තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

by Staff writer 04-08-2018 | 11:13 AM
COLOMBO (News 1st) - තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට 7 වන දා දක්වා කොළඹ පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක ද ගමනාන්ත දීර්ඝ කර ඇති බව ය. ඒ අනුව කොළඹ සිට පාලාවි දක්වාත් මොරටුව සිට පාලාවි දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අද දින උදෑසන 9.35ට හලාවත දක්වා යන දුම්රිය පාලාවි දක්වා දීර්ඝ කර ඇති අතර කොළඹ සිට මාදම්පේ දක්වා දහවල් 1.10ට යන දුම්රිය ද පාලාවි සහ පුත්තම දක්වා දීර්ඝ කර තිබේ. මොරටුව සිට අමතර දුම්රියක් ද ධාවනයට කටයුතු යොදා තිබේ.