ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-08-2018 | 7:05 AM
COLOMBO (News 1st)  1. මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ සමාගමට රුපියල් බිලියන 10ක ණයක් ලබා දීම පිළිබඳව මාධ්‍යවේදීහු ඊයේ මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළහ. 2. මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව කථානායක කර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 3. කොළඹ, මෝදර, මුතුවැල්ල මාවතේදී ඊයේ දහවල් සිදු කළ වෙඩි තැබීමකින් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නමැති අයෙකු මිය ගියේ ය. 4. වව්නියාව සතොස ශාඛාවේ සේවකයින්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. 5. තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් දිවුරුම් ප්‍රකාශයකින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. විදෙස් පුවත් 6. සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ.