කැකිරාවේදී ලොරියේ ගැටුණු ත්‍රිරෝද රථ රියැදුරු මරුට

කැකිරාවේදී ලොරියේ ගැටුණු ත්‍රිරෝද රථ රියැදුරු මරුට

by Staff writer 04-08-2018 | 3:46 PM

COLOMBO (News 1st) - A9 මාර්ගයේ කැකිරාව, කිතුල්හිටියාවේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම ත්‍රිරෝද රථයක් හා කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියැදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. ඔහු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකි. අනතුරින් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.