ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

by Chathuranga Rajapaksha 04-08-2018 | 5:38 PM

(News 1st) - ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය.

ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තේය. නායක ජෝ රූට් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ලබා ගත හැකි වූයේ ලකුණු 274ක් පමණි. නායක විරාට් කෝලි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 149ක් ලබා ගත්තේය. දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ සෑම් කුරාන් ලකුණු 63ක් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දියාවට ලකුණු 194ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. නමුත් ඉන්දීය කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162ක් පමණි. විරාට් කෝලි ලකුණු 51ක් ලබා ගත්තේය. බෙන් ස්ටොක් එංගලන්තය වෙනුවෙන් ලකුණු 40කදී කඩුලු 4ක් දවා ගැනිමට සමත් විය. තරගයේ වීරයා සම්මානය සෑම් කුරාන්ට හිමිවිය. ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව මේ වනවිට රැඳී සිටින්නේ පළමු ස්ථානයේ වන අතර එංගලන්තය එම ලේඛනයේ සිටින්නේ 5 වැනි ස්ථානයේ වීම විශේෂත්වයකි.