අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%කට දන්ත රෝග

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%කට දන්ත රෝග

by Staff writer 04-08-2018 | 6:54 AM
COLOMBO (News 1st) - මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%ක් දන්ත රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය, වජිර නානායක්කාර මහතා සඳහන් ක‍ළේ, සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව මේ බව තහවුරු වී ඇති බව ය. වයස අවුරුදු 35 - 44 වයස් කාණ්ඩය සහ 65 -74 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් ද වැඩි වශයෙන් දන්ත රෝගවලට ගොදුරු වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. වෛද්‍ය වජිර නානායක්කාර මහතා පැවසුවේ, නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගැනීම දන්ත රෝගීන් වාර්තා වීම ඉහ‍ළ යාමට හේතුව බව ය.