සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කරයි

by Staff writer 03-08-2018 | 7:45 AM
(News 1st) - සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඔහුගේ ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. නෙල්සන් චමීසාගේ එම්.ඩී.සී. සන්ධානයේ සභාපතිවරයා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කළ නොහැකි බව ය. මැතිවරණ ප්‍රතිඵලය තමන් නිහතමානීව පිළිගන්නා බවත් එය නව ආරම්භයක් බවත් ජනපති මනන්ගග්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ය.