රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff writer 03-08-2018 | 6:42 AM
COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 24 ක කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, හදිසි රෝගී ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව ය. මේ අතර පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට පියවර ගත් බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය එස්.ආර්. විජයසිංහ මහතා ප්‍රකාශ කළේ, නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් වෙත පනවා ඇති අධික බදු ප්‍රතිශතයට විරෝධය පළ කරමින් එම පියවර ගත් බව ය.