ධර්මයුද්ධය චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලබයි

සරසවිය සම්මාන උළෙල: ධර්මයුද්ධය ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 03-08-2018 | 7:09 PM

COLOMBO (News 1st) - 34 වැනි සරසවිය සම්මාන උළෙලේදී මහරාජා එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ධර්මයුද්ධය සිනමා පටය, ජනප්‍රියම චිත්‍රපටියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.

2017 වසරේ වැඩිම ආදායම් ඉපයූ සිනමා පටය ද ධර්මයුද්ධයයි. 34 වැනි සරසවිය සම්මාන උළෙල මේ වනවිට පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. මෙහිදී ධර්මයුද්ධය සිනමා පටයේ අචිනිගේ චරිතය නිරූපණය කළ තිසුරි යුවනිකා, හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගත්තේය.