by Staff writer 03-08-2018 | 10:05 AM
COLOMBO (News 1st) - රුපියල් තිස් දෙලක්ෂයක් වටිනා රන් බිස්කට් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
සහකාර රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එම රන් බිස්කට් කටුනායක ගුවන්තොටුපොළේ කම්කරුවෙකු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව ය.
ග්‍රෑම් 500ක් බරැති එම රන් බිස්කට් ඔහුට ලබා දී ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි මගියෙකි.
ඔහු අදාළ කම්කරුවා මාර්ගයෙන් එම රන් බිස්කට් ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සහ දරා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියත්මක බව විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.