වාලම්පුරියක් විකිණීමට තැත් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

රු. කෝටියක් වටිනා වාලම්පුරියක් විකිණීමට තැත් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-08-2018 | 9:58 AM
COLOMBO (News 1st) - රුපියල් කෝටියක් වටිනා වාලම්පුරියක් විකිණීමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී අඟල් 15ක් පමණ දිග වාලම්පුරියක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් පැමිණි 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 57, 43, 27 සහ 60 හැවිරිදි වියේ පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.