ආන්දෝලනාත්මක රුපියල් බිලියන 10 ණය මුදල

රාජ්‍ය බැංකු අධ්‍යක්ෂවරයෙකු සිය සමාගමට ගත් ණය ගැන තොරතුරු හෙළි කිරීම මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි

by Staff writer 03-08-2018 | 9:22 PM

COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධුරයක් දරන සමාගමට රුපියල් බිලියන 10 ක ණයක් ලබාදීම පිළිබඳව මාධ්‍යවේදීන් අද මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළේය.

ප්‍රශ්ණය - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු වන ජෙහාන් අමරතුංග එම්.ටී.ඩී. වෝකර්ස් නැමති ඔහුගේම සමාගමකට රුපියල් බිලියන 10ක ණය මුදල් අරන් තියෙනවා. එම්.ටී.ඩී. වෝකර්ස් නැමති සමාගමේ ඔහු උප සභාපතිවරයකු ලෙස කටයුතු කරනවා. මෙම ණය මුදල ලබා ගැනීමේදි නියමිත ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවාද? මේවැනි විශාල ණය මුදලක් ලබාගැමේදි මොනවගේ ඇපකරයක් තියන්න ඕනද? මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
සහකාර අධිපති සැන්ඩ්‍රා මෙයට පිළිතුරු ලබා දෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.‍ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය
මට සමාවෙන්න මේ ගනුදෙනුව පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න බැහැ. ඒත් මම අධ්‍යක්ෂවරයකු ණය මුදලක් ලබා ගැනිමේ සමාන්‍ය ක්‍රමවේදය පැහැදිලි කරන්නනම්. අධ්‍යක්ෂවරයකු තමන් සේවය කරන බැංකුවෙන්ම ණය මුදලක් ලබා ගැනීමට එරෙහිව තහනමක් නැහැ. ඒත් තද නීතිරීති මාලාවක් තියෙනවා අධීක්ෂණය කරන්න. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදලට අනුමැතිය ලබා දෙන්න ඕනේ. එහිදී 3/2 ක බහුතරය තියෙන්න ඕනි. ණය මුදල ඉල්ලන අධ්‍යක්ෂවරයා නැතුව. තවද මහ බැංකුව නිෂ්චිත දැනුවත් කරලා තියෙනවා. අධ්‍යක්ෂකවරයෙකු ණය මුදලක් ලබා ගැනීමේදී ලබාදිය යුතු ක්‍රමය. නියමිත ඇපකර ලබාදිය යුතුයි. සාමාන්‍ය ණය මුදලක් ලබා ගැනීමට වඩා මෙය වෙනස්. මෙහි අඩංගු කරුණු සරලව කියනවනම් මේ ණය මුදල ලබාදීම ගැටලුවක් නැහැ. මෙවැනි ණය ගනුදෙනු සදහා යාමේදී. අපි ඉතා පුළුල් ලෙස අධ්‍යනය කරවා අපගේ නිලධාරීන් මේ පිළිබඳව අධ්‍යනය කරලා ගැටලු ඇත්නම් ඒවා මතු කරලා. ඊට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගෙන එය නිවැරදි කරනවා.ඒ නිසා මෙය ඒවැනි ගනුදෙනුවක් විය හැකියි. අපි ඒ ගැන අධ්‍යනය කරමින් සිටිනවා. එහි යම් කිසි දොස් ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා. දොස් නැත්නම් අපිට ක්‍රියා මාර්ග ගන්න බැහැ. අපි එවැනි ගනුදෙනුවක් අනුමත කරලා තියෙන නිසා. අපගේ නීතිරාමුවලට අනුව අනුමත කරලා තියෙන නිසා.
ප්‍රශ්ණය - ඔබ කියන්නේ මේ ගනුදෙනුව සාමාන්‍ය ක්‍රියාවලිය අනුකුලව ගොස් අනුමත වී ඇති බව ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.‍ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය
මා මුලින් කිව්වා වගේ මට මේ පිළිබදව කියන්න බැහැ. මේවැනි ගනුදෙනුවක් පිළිබඳව මට කතා කරන්න බැහැ.මෙහි ඇති රහස්‍යභාවය වැනි කරුණු නිසා.
ප්‍රශ්ණය - ආයතනය විසින් තැබු බැංකු ඇපකර පිළිබඳවත් කරුණු පැහැදිලි කරන්න බැරිද? ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.‍ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය
සමාවෙන්න මට බැහැ.
මහ බැංකු අධිපතිතුමනි, රටේ බලපත්‍රලාභී වාණිජ බැංකු පද්ධතිය නියාමනය කිරීමේ අයිතිය ඇති ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව බව රටේ ජනතාවගේ දැනීමයි. විශේෂයෙන් මහජන මුදල් පරිහරණය කරන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ ගනුදෙනු ගැන ජනතාව වෙනුවෙන් නගන ප්‍රශ්නවලට ඔබ මගහැර යන්නේ ඇයි? සහකාර අධිපතිවරයක් මත වගකීම පවරා පලායාමෙන් රුපියල් කෝටි 1000 ක මහජන මුදලට වගවන්නේ කවුද? සහකාර අධිපති ප්‍රනාන්දු මහත්මියට අපට පැවසීමට ඇත්තේ සරල පිළිතුරකින් මෙතරම් විශාල මුදලක් පිළිබඳව ජනතාවට ඇති වගකීමෙන් මිදිය හැකිද? බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මහබැංකුව නිකුත්කර ඇති මගපෙන්වීම්, චක්‍රෙල්ක හා රෙගුලාසි ඇතුලු නීතිමය කරුණු විමසා බැලීමේදී ඕනෑම අයෙකුට අවබෝධ වන්නේ බැංකු අධ්‍යක්ෂවරුයෙකුට ඔහු අධ්‍යක්ෂ ධුරයක් දරණ සමාගමකට පහසුවෙන් ණය ලබාගත නොහැකි බවයි. මහජන බැංකුව අපවෙත කළ පැහැදිලි කිරීමේ සදහන් කර තිබුණේ මහ බැංකුවේ සියලු අවශ්‍යතා සපුරා මෙම ණය මුදල ලබාදුන් බව ය. ඔවුන් පවසන්නේ සත්‍යයක් නම් නැවත විමසා බැලීම් අවශ්‍යද? තවත් කරුණක් වන්නේ බලපත්‍රලාභී මෙවැනි වාණිජ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් මසකට එක්වරක්වත් රැස්විය යුතු අතර රැස්වීමේ සටහන් මහබැංකුවට යොමුකළ යුතුයි. සහකාර අධිපතිතුමියට ඇත්තේ සරල කටයුත්තක් එම සටහන් පරීක්ෂා කර බලන්න. අඩුම තරමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයවත් මෙම ණය මුදල අනුමත කර ඇත්දැයි සොයා බැලිය හැකිය. මෙතරම් විශාල මුදලක් ලබාදීමේදී එම්ටීඩී වෝකර්ස් සමාගම ලබාදෙන ආරක්ෂණය කුමක්ද? මේවා විමසා බැලුවාද? බලපත්‍රලාභී වානිජ බැංකු අධීක්ෂණ බලය ඇති මහබැංකුවේ නිලධාරී වගකීම් විරහිත අයුරින් ජනතාව නගන ප්‍රශ්න විවිධ හේතු ඉදිරිපත් කරමින් මග හරින්නේ ඇයි? ජනතාව වෙනුවෙන් මේ ගනුදෙනු ගැන අප අවදියෙන්.