මෝදර වෙඩි තැබීමකින් 62 හැවිරිදි අයෙකු මරුට

මෝදර වෙඩි තැබීමකින් 62 හැවිරිදි අයෙකු මරුට

by Staff writer 03-08-2018 | 2:13 PM

COLOMBO (News 1st) - කොළඹ, මෝදර, මුතුවැල්ල මාවතේදී අද දහවල් සිදුකළ වෙඩි තැබීමකින් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නැමැති අයෙකු මිය ගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු ඔහුට වෙඩි තබා ඇති බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් මියගියේ මෝදර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් ක‍ළේ, මොහු පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයෙකු වන කූකුඩි කන්නාගේ පියා වන බව ය.