මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුද?

මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ - කාතානායක කාර්යාලය

by Staff writer 03-08-2018 | 9:33 PM

COLOMBO (News 1st) - මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව කථානායක කර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කථානායක කර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2006 නොවැම්බර් මස 23 දින පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් අනුව මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී ඇති බව ය. පසුගියදා අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවූ වැටුප් වැඩිවීමට සමගාමීව මැති ඇමති වැටුප් ද ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් ලැබී ඇති ඉල්ලීම් කථානායකවරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ. කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මේ පිළිබඳව තීරණයකට එළැඹීමේදී 2006 වසරේ ගත් තීරණය පරිදි කටයුතු කරන්නේද නැතිනම් වෙනත් ආකාරයකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී සාකච්ජා කරන බව ය.