ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-08-2018 | 7:30 AM
COLOMBO (News 1st)  1. මැති ඇමතිවරුන්ගේ වැටුප 215% වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි, ඊයේ පුවත්පත් වාර්තා කර තිබේ. අදාළ පුවත්පත් වාර්තාකර තිබුණේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බවයි. 2. ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබා දී ඇති ශිෂ්‍ය වීසා අයැදුම්පත් 800කට අධික සංඛ්‍යාවක් පිළිබඳව සමාලෝචනය කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබේ. 3. ණය අර්බුදයක් මතුවනු ඇතැයි බියෙන් චීන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වරාය ව්‍යාපෘතියේ විශාලත්වය අඩු කිරීමට මියන්මාර බලධාරීන් පියවර ගෙන තිබේ. 4. යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුද හමුදාපති අවධාරණය කරයි. 5. රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් අවභාවිත වූයේ යැයි, පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම්පිට අධිකරණයේ අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ අධිකරණයේදී කියා සිටියේ ය. විදෙස් පුවත් 6. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසි දිනක පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. පසුගිය වසර 2ක තුළ එක්දික තරග රටාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තබන සටහනක්.