අයිස් සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවේදී අත්අඩංගුවට

අයිස්, මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවේදී අත්අඩංගුවට

by Staff writer 03-08-2018 | 7:04 AM
COLOMBO (News 1st) - කොළඹ කොටුවේදී රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. ඔහු සතුව තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 878කි. සැකකරු ඉන්දියාවේ මැඩ්‍රාස්හි රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.