බදියුදීන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 03-08-2018 | 12:35 PM
COLOMBO (News 1st) - තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් දිවුරුම් ප්‍රකාශයකින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ගොනු කළ එම නඩුව අද කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබ්සේකර යන මහත්වරුන් ඉදිරියේ ය. එහිදී නඩුව ලබන නොවැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත වනය අනවසරයෙන් එළිපෙහෙලි කරමින් ජනතාව පදිංචි කරවීමට ගෙන ඇති පියවර අභියෝගයට ලක් කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු 7 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර එම නඩුව ගොනු කර තිබිණි.