(News 1st) නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් සිය කෙටි ප්‍රසූත නිවාඩු සමය නිම කරමින් යළි රාජකාරී සඳහා වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය සිය කුළුඳුල් දරු උපතින් පසු ප්‍රසූත නිවාඩුව සඳහා සති 6ක කාලයක් පමණක් වෙන් කර තිබීම විශේෂත්වයකි.
පකිස්ථාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගෙන් පසු ධුරයේ රැඳී සිටියදී දරු උපතක් සිදුකළ ලොව දෙවන නායිකාව ලෙස ඉතිහාසයට එක් වෙමින් අර්ඩ්න් දරු පසුගිය ජුනි මාසයේදී දියණියකට උපත ලබා දුන්නා ය.
අර්ඩන් සිය සහකරු ක්ලාක් ගේෆර්ඩ් සහ දියණිය නීව් ටි අරෝහා අර්ඩන් ගේෆර්ඩ් සමග ඔක්ලන්ඩ්හිදී නිවාඩු සමය ගත කළහ.
කෙසේ වෙතත් ඇය සිය නිවාඩු සමය තුළදී ඇයගේ රාජකාරී පවරා තිබුණේ, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් වෙතයි.
එහෙත් අග්‍රාමාත්‍යවරිය ප්‍රසූත නිවාඩු සමය තුළදී ද කැබිනට් පත්‍රිකා කියැවීම මෙන්ම සුවිශේෂි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් ලබා දීම සිදු කළා ය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ අර්ඩ්න් මේ වසරේ ජනවාරී මාසයේදී තමා සහ සහකරු ගේෆර්ඩ් දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කළා ය.
38 හැවිරිදි ජසින්ඩා අර්ඩ්න් 1856 වසරෙන් පසු පත් වූ නවසීලන්තයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ද වන්නී ය.
පෙර පුවතට පිවිසීමට මෙතැනින්....