ශිෂ්‍යත්ව හා උ/පෙළ සිසුන්ට සිසුසැරිය ක්‍රියාත්මකයි

ශිෂ්‍යත්ව හා උ/පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 770 ක් ක්‍රියාත්මක කෙරේ

by Staff writer 02-08-2018 | 10:48 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 770 ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි මෙහෙයුම් අධිකාරි සරත් වල්ගම්පාය මහතා පැවසුවේ, විභාග අවසන් වනතෙක් එම බස් සේවා ක්‍රියාත්මක බවයි. යම් ප්‍රදේශයක ඒ පිළිබඳ ගැටලු ඇත්නම්, 011 7 555 555 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ද සරත් වල්ගම්පාය මහතා පැවසීය.