රජයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට දීමට යන්නේ කාගේ වුවමනාවකට ද?

by Staff writer 02-08-2018 | 7:30 AM
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. බාලදක්ෂ මාවතේ පිහිටි රජයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට සින්නක්කරව ලබා දීමට සැරසෙන බව එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසුවේ ය. මෙහිදී නලක්ස් රක්ෂිතය පිළිබඳව ද ඒකාබද්ධ විපක්ෂය අනාවරණයක් කළේ ය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් - මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය "නකල්ස් රක්ෂිතය විදේශ සමාගම්වලට ලබා දීමට අමාත්‍යවරයෙකු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආපු විරෝධය නිසා අඩියක් පිටු පස්සට ගන්නවා කියලා අඟවලා දැන් නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව තියෙන ඉඩම් අක්කර 1200ක් එක අක්කරයක් රුපියල් 2856ට පුද්ගලික සමාගම්වලට දෙන්න හදනවා කියලා අපිට දැන ගන්න ලැබෙනවා" නමුත් ආණ්ඩුවේ ඇමතිවරුන් පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කළේ නකල්ස් රක්ෂිතයේ මෙවැනි ව්‍යාපෘති නොමැති බව ය.