මැති ඇමති වැටුප් 215% වැඩි කිරීමේ යෝජනාවක්

මැති ඇමති වැටුප් 215% වැඩි කිරීමේ යෝජනාවක්

by Staff writer 02-08-2018 | 9:20 PM
COLOMBO (News 1st) මැති ඇමතිවරුන්ගේ වැටුප 215% වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි, අද පුවත්පත් වාර්තා කර තිබේ. අදාළ පුවත්පත් වාර්තාකර තිබුණේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බවයි. ජුලි 17 වන දා පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වැටුප් වැඩිකිරීමට සූදානම් වන බව එම පුවත්පත් වාර්තා කර තිබිණ. ඒ අනුව දැනට රුපියල් 54,285 ක් වන මන්ත්‍රී වැටුප රුපියල් 120,000 ක් දක්වාත් රුපියල් 63,500 ක් වන නියෝජ්‍ය ඇමතිවරුයෙකුගේ වැටුප රුපියල් 135,000 ක් දක්වාත් වැඩිකිරීමට යෝජනා වී තිබේ. දැනට රුපියල් 65,000 ක් වන ඇමති සහ රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 140,000 ක් දක්වා වැඩි කිරීමට යෝජිතයි. 2016 වසරේ සිට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් හා, රුපියල් පනස් දහසක දුරකතන දීමනාවක් මැති ඇමතිවරුන්ට ගෙවීමට පියවර ගැනිණ.