භික්ෂූන් වහන්සේලාට නව රක්ෂණ ක්‍රමයක්

භික්ෂූන් වහන්සේලාට නව රක්ෂණ ක්‍රමයක්

by Staff writer 02-08-2018 | 8:01 AM

COLOMBO (News 1st) - භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන හා රාජ්‍ය සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා එම රක්ෂණ ක්‍රමයට ඇතුළත් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.