තද සුළඟකින් අම්පාරේ නිවාස 76කට හානි

තද සුළඟකින් අම්පාරේ නිවාස 76කට හානි

by Staff writer 02-08-2018 | 10:17 PM
COLOMBO (News 1st) අම්පාර ප්‍රදේශය හරහා අද පස්වරුවේ හමාගිය තද සුළඟකින් නිවාස 76කට හානි සිදුව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අම්පාර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, නවගම්පුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 40ක්, කරංගාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 30 ක් සහ සමන්තුරෙයි නිවාස 6 හානියකට පත් ව ඇති බවයි. ඔහු පැවසුවේ, හානියට පත් නිවාස සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ අතර බස්නාහිර, මධ්‍යම , සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට හෙට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරු 2 න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.