ටිරාන් අලස් නඩුවේදී වර්ණසිංහගෙන් අසත්‍ය ප්‍රකාශ..?

ටිරාන් අලස් නඩුවේදී වර්ණසිංහගෙන් අසත්‍ය ප්‍රකාශ..?

by Sagarika Chathumali 02-08-2018 | 7:44 PM
(News 1st ) රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් අවභාවිත වූයේ යැයි, පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම්පිට අධිකරණයේ අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අද අධිකරණයේදී කියා සිටියේ ය. පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, කීර්ත් තෙන්නකෝන් හා මෛත්‍රී ගුණරත්න හය මහත්වරුන් සම්බන්ධයෙන් වර්ණසිංහ මහතා ලබාදුන් සාක්ෂිය සම්පූර්ණයෙන් අසත්‍ය බවට දිවුරුම් ප්‍රකාශ 4ක් අද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේ ය. සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණේ, මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ලිපි ගොනු අධ්‍යයනය කර පොලිස්පතිවරයාට භාරදිය යුතු බවට මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන් හා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිස තමන් සමග සාකච්ඡා කළ බවයි. නමුත් අද දිවුරුම් ප්‍රකාශ දුන් පිරිස අධිකරණයට දැනුම් දුන්නේ එය අසත්‍යයක් බවයි. නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝම්බර් 4 වන දා තෙක් කල් තැබිණ.