කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි

කොල්වින් ගුණරත්න වෛද්‍ය සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 02-08-2018 | 3:19 PM
COLOMBO (News 1st) - මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට භාරදුන් බවයි. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්විය.