පොල් මද ආනයනය අත්හිටුවයි

පොල් මද ආනයනය අත්හිටුවයි

පොල් මද ආනයනය අත්හිටුවයි

කර්තෘ Staff writer

02 Aug, 2018 | 11:42 am

COLOMBO (News 1st) – ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ. එච්. රංජිත් මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ  ඉන්දුනිසියාව සහ පිලිපීනය යන රටවලින් මෙරටට පොල් මද මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ගෙන්වනු ලැබ ඇති බවයි.

මේ වන විට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන්ට මෙරටින් පොල්  මිලදී ගැනීමට  හැකිවීම හේතුවෙන් ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි,  ලේකම්වරයා සඳහන් කළේ ය.

පොල් මද ආනයනයට කර්මාන්තකරුවන් 12 දෙනෙකු පසුගිය කාලයේ අවසර ඉල්ලා ඇත.

මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අළෙවි වන්නේ රුපියල් 40 ත් රුපියල් 80 ත් අතර මිලකට ය.