ශාන්ති භගිරදන් කාන්තා නායිකාවක් ලෙස ඇගයෙයි

MBC සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති භගිරදන් ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවක ලෙස ඇගයීමට ලක්වෙයි

by Staff writer 01-08-2018 | 10:20 PM

COLOMBO (News 1st) - කැපිටල් මහරාජා සංවිධානයට අනුබද්ධ MBC නෙට්වර්ක්ස් පෞද්ගලික ආයතනයේ සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති භගිරදන් මහත්මිය අද ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවක් ලෙස ඇගයීමට ලක් විය.

ඒ, සිංගප්පුරුවේදී පැවති ආසියා කාන්තා නයකත්ව සම්මාන ප්‍රධානෝත්සවයේදී. සී.එම්.ඕ එෂියා ආයතන විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය අද සිංගප්පුරුවේදී පැවැත්වුනේ රටවල් 110 නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනි. ආසියා කාන්තා නයකත්ත්ව සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන්නේ ලෝක කන්තා නායකත්ව කොංග්‍රසයට අනුබද්ධවයි. ශාන්ති භගිරදන් මහත්මිය මෙහිදී ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවන් 25 දෙනා අතරට එක් විය.