by Staff writer 01-08-2018 | 11:37 AM
COLOMBO (News 1st) - වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000 කින් හදිසි කැඳවුම් දීමනාව ඉහළ දැමීමට තීරණය කළ බව ය.
ඉදිරියේදී ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ද මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 167,000 කි.
නව දීමනාවත් සමග ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 182,000ක් දක්වා ඉහළ යනු ඇති.
පළමු මාසික වැටුප රුපියල් 250,000ක් වන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 275,000ක් දක්වා ඉහළ යයි.
ලබන 3 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, හදිසි කැඳවුම් රාජකාරී දීමනාව ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනි.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව වෛද්‍යවරුන් එලෙස හදිසි කැඳවීම් සඳහා පැමිණීම තහවුරු කිරීමට කිසිදු ලේඛනයක් නොමැත.
වෛද්‍යවරුන්ට එවැනි හදිසි කැඳවීම් කරන්නේ, හදිසි ශල්‍යකර්ම කිරීම සඳහා පමණි.
මෙරට තුළ එවැනි ශල්‍යකර්ම සිදු කරන රෝහල් ගණන 48කි.
එහෙත් මෙරට සිටින වෛද්‍යවරුන් 18000කට නව දීමනාව හිමි වේ.
වෛද්‍යවරුන් සිය දීමනා ඉහළ දමන්නැයි ඉල්ලීම් කරන්නේ, තමුන් එවැනි හදිසි කැඳවීම් සඳහා පැමිණෙන බවට තහවුරු කළ හැකි ලේඛනයක් හෝ නොමැතිව ය.
මීට වසර කිහිපයකට පෙර රෝගී ප්රඥ්ඥප්තියක් ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ ද රජයේ වෛද්‍යවරු ඊට විරෝධය පළ කළහ.
රෝගී ප්රඥ්ඥප්තිය නීතිගත කළේ නම් මෙම සියලු කරුණු විනිවිද භාවයකින් යුතුව ඔප්පු කිරීමට හැකිව තිබිණි.