දෙවන බැඳුම්කර කොල්ලය ගැන අනාවරණය ඉදිරියේ

දෙවන බැඳුම්කර කොල්ලය ගැන News 1st අනාවරණය ඉදිරි දිනවලදී

by Staff writer 01-08-2018 | 9:45 PM

COLOMBO (News 1st) - සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව වූ තමන්ගේම වාහනයක් හිමිකර ගැනීමේ සිහිනයත් දැන් ක්‍රම ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් තිබේ.

දිනෙන් දින ඉහළ යන බඩු මිල, අඛණ්ඩව කඩා වැටුන රුපියල පමණක් නොව 3% ආසන්න අගයකින් පොලී අනුපාත වැඩිවීම මේවා සියල්ලට බැඳුම්කර හොරුන් කොල්ල කෑ ජනතාවගේ මුදල් හේතුවක් නොවේ ද? 2015 පෙබරවාරි 27 වන දා සිදු කළ පළමු බැඳුම්කර වංචාවෙන් එම මොහොතේ සිදු වූ පාඩුව රුපියල් මිලියන 869 ඉක්මවන බව විගණකාධිපතිවරයා අනාවරණය කළේ ය. මේ වනවිට හෙළිවී ඇත්තේ වසර 30 ක කාලය අවසන් වනවිට මේ පාඩුව බිලියන ට්‍රිලියන ගණනින් ඉහළ යන බවයි. වඩාත් භයානක කරුණ වූයේ අවුරුදු ගණනාවක් දහඩිය මහන්සියෙන් උපයන මාසික වැටුපෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වැඩකරන ජනතාව තැන්පත් කළ මුදල ද බැඳුම්කර හොරුන් පැහැර ගැනීමයි. විශ්‍රාම ගන්නා දිනයේදී අවසානයේ ඉතිරිවන මුදල ද මේ අයුරින් කොල්ල කා තිබියදී ඉතිරිවන මුදලට ද බදු පැනවීමට තරම් සාහසික මට්ටමකට බැඳුම්කර කොල්ලය ව්‍යප්තවී තිබේ. දැනට අනාවරණයවී ඇත්තේ පළවෙනි බැඳුම්කර සොරකමේ පාඩුව පමණි. මේ සොරකම ගැන පරීක්ෂණ වෙමින් තිබියදී 2016 වසරේ තව ත් වංචා සහගත ගනුදෙනුවක් සිදු වූයේ පළමු ගනුදෙනුවට වඩා වැඩි මුදලක් රටට අහිමි කරමිනි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, කීර්ති තෙන්නකොන්
දෙවෙනි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බැඳුම්කර කොමිෂන් සභාවේදී අනාවරණය වෙලා තියෙන කරුණු කාරනා ඉතාමත් සීමිත බව ඉතාමත්ම පැහැදිලිව අපි හඳුනාගේන තිබෙනවා. ඒ වගේම මේ බැඳුම්කර වංචාව ආශ්‍රිත සිදුවෙලා තියෙන මූල්‍ය වංචාව රුපියල් බිලියන 11 කට වැඩි ප්‍රමාණයක් බව ප්‍රකාශයට පත්වෙන්නේ මේ පළවෙනි බැඳුම්කර සිද්ධිය ආශ්‍රිතව මිසක්කා දෙවෙනි බැඳුම්කර සිද්ධිය හා එකතු කරලා සමස්ත බැඳුම්කර වංචාව පිළිබඳව නොවන බව ඉතාමත්ම පැහැදිලිව අවධාරණය කරන්න ඕනේ. ඒ තුළ ඔවුන් ලඝුකරන්න හදනවා මේ සිදුවෙච්ච මූල්‍ය වංචාව රුපියල් බිලියන 12 ක් පමණයි කියන කාරනයට. මෙහි කිසිදු සත්‍යතාවක් නෑ අද වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහපොළ, මහ බැංකු අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රක්ෂණ භාරය එ වගේම ලංකා බැංකුවේ මුදල් පොම්ප කිරීමේ ක්‍රියාවලිය තුළ මෙ රටට මේ රටේ ජනතාවට සිදු කරලා තියෙන වංචාවේ පරිමාව රුපියල් බිලිවන 32 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙනවා දෙවෙනි බැඳුම්කරය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන සිදුකළ යුතුව පවතිනවා.
දෙවන බැඳුම්කර වංචාව ගැන නිව්ස්ෆස්ට් අනාවරණය ඉදිරි දිනවල බලාපොරොත්තු වන්න...